ලෝක පරිසර දිනය ට සම්පාධනය කළ මූලික ලිපියෙන් පසු, මේ විදුසර පුවත් පතේ 2017 දී ඇරඹු 'ගෙවත්තේ ජෛව විවිධත්වය' ලිපි මාලාවේ පළමු වන ලිපියයි. After the World Environment Day article that acts as the introduction, this is the first article of the 'Biodiversity of Home Gardens' newspaper article series published on 14.06.2017 in Vidusara Science Weekly.
පසුගිය සතියේ ගංගා කීපයක්ම පිටාර යෑමෙන් ඇතිවූ ගංවතුර
ඉමහත් ව්‍යසනයක් ඇති කළේ බොහෝ ප්‍රදේශ වතුරෙන් යට කරමිනි. නිල්වලා ගඟ උතුරා ආ
වතුරෙන් යට වූ ප්‍රදේශයක දින කීපයක් ම කොටු වී සිටිද්දී ලද අත්දැකිම් ඇසුරෙන් මේ
ලිපිය සකසන ලදී. විදුසර 2017 ජුනි 14 වැනි දා පළවූ ගෙවත්තේ ජෛව විවිධත්වය ලිපි මාලාවේ පළමු ලිපියයි මේ.
ලෝක පරිසර දින කලාපයේ දී අප පෙන්වා දුන් පරිදි, ගෙවත්තේ ජෛව විවිධත්වය අප හිතනවා ට ත් වඩා අපූර්ව ය. ගංවතුරක්
යනු සාමාන්‍යයෙන් අපගේ ගෙවත්තේ දක්නට ලැබෙන පරිසර පද්ධතිය උඩු යටිකුරු කරන ව්‍යසනයක්
වුවත්, ගංවතුර යනු වෙනදා දක්නට නොලැබෙන ජිවීන් අපගේ ගෙවත්තේ ම දැකගැනීමට ලැබෙනා
අවස්ථාවකි.
වැස්ස මෙදා
තරම් දරුණු නොවූ අප කුඩා කාලයේ දී (1980 ගණන් වල මුල නිල්වලා ගගේ ගංවතුර පාලන
බැම්ම බැදීමට ප්‍රථම) සාමාන්‍ය සැර
වැස්සකට නිල්වලා ව උතුරා ගගට කිලෝමිටරයක් පමණ දුරින් වූ අපේ ගෙවත්ත වතුරෙන් යට වීම
සාමාන්‍ය දෙයක් විය. මේ කාලය කුඩා දරුවන් වූ අපට නම් විශේෂයන් ම විනෝද ජනක වුයේ
නොයෙක් ජල ක්‍රීඩා වල ට අමතරව ජාල පහරත් සමග ගෙවත්ත ට පිහිනා ගෙන් එන ලුල් පැටවුන්,
හදයන්, කාවයි පැටවුන් ඇතුළු නම නොදන්නා නොයෙකුන් මාළුන් නිසාය.
වතුරේ ගසා ගෙන
එන වෙනත් සතුන් ද ඉඳ හිට දැකගන්නට ලැබේ. මිට අමතරව ඉඳ හිට වතුරේ පිහිනා ගෙන එන ඉබ්බන්
ද අපට අපුරු අත්දැකීමක් විය.
ගංවතුර
බැසයන්නට පටන් ගනිත්ම කුඩා දිය කඩිතී වල හිරවී සිටින මාළුන් ගොදුරු කර ගැනීම ට අවස්ථාවාදී
කොකුන් පැමිණේ. සිල් ගත්තා සේ මාළුන් ගොදුරු කර ගැනීමට බලා සිටිනා විවිධ ප්‍රමාණයේ
කොකුන් අපගේ ගෙවත්ත ට ම පැමිණෙන්නේ මෙවන් ගංවතුර සමයකදී ම පමණි.
මෙම වැසි
දිනවල රාත්‍රිය සැමවිටම රජකරන්නේ ගෙම්බන්ය. උනුන් පරයා හඬ නැගීමට උත්සාහ ගන්න සිය
ගණනක් ගෙම්බන්ගේ නාදයෙන් විචිත්‍ර වූ සීතල රාත්‍රීන් කීපයකින් පසු, එකතු වූ දිය
කඩිති වල සෙවල වැනි ගෙඹි බිත්තර දහස් ගණනක් පාවෙන්නට පටන් ගනී. දින කීපයක ට පසු කළුපැහැති
ඉස්ගෙඩියන් ගෙන් මෙම දිය කඩිති පිරි යයි. එහෙත් එතරම් වතුර රැදී නැති දිය වලවල්
ඉක්මනින් ම සිදී යන්නේ මෙම ඉස්ගෙඩියන් ඉරණම කළින් ම තීන්දු කරමිනි.
අපගේ ගෙවත්තේ
සිදියන දිය කඩිති වල හිර වුනු මෙවන් ඉස්ගෙඩියන් මෙන්ම මාළුන් ද අල්ලා වෙනත් විශාල
දිය කඩිති හෝ ඇළ මාර්ගයක ට මුදා හැරීම, කුඩා කල අපගේ ප්‍රියතම විනොදාන්ශයක් විය.
දශක කීපයක ට පෙර
ගංවතුරකට යට වූ ගෙවත්ත ක මෙසේ වවත්, අද වන විට බොහෝ දේ වෙනස් වී ඇත. අප හමොගෙම
ගෙවතු කුඩා වෙලා, වෙන දා අප නිවෙස් ආසන්නයෙන් ම ගලාගෙන ගිය දොළ පාරවල් හිදිලා
ගිහිල්ලා. තියෙන අගල් නුත් හොදට ම දුෂණය වෙලා ඒවායේ ජෛව විවිධත්වය හොඳටම පහළට
වැටිලා.
ඒ උනාට මෙදා
පාර ගංවතුර ත් එක්ක හිතා ගන්න බැරි අමුත්තෝ කීප දෙනෙක් ම ගෙවත්තේ කොනක වතුර රැදුණු
ස්ථානයක ඉඳල හම්බ උනා. ඇත්තට ම ඒක අහම්බයෙන් උන දෙයක්. අඩි 3ක් පමණ උසට ගෙවත්තේ රැදුන
ගංවතුර සෙමෙන් බැසයාමත් සමග මා නිරීක්ෂණය කළේ ගෙවත්තේ පහත් කොනක රැදී තිබූ වතුරේ ගප්පි
මත්ස්‍යයන් රාශියක් පිහිනන බවය. තව පැය කීපයකින් එම වතුර කඩිත්තද සිදී යන නිසා වතුර
පිරවූ බාල්දියක් රැගෙන, කුස්සියේ තිබූ පරණ පෙරණයක් ද රැගෙන එම මාළුන් අල්ලා අසලින්
ගලා යන ඇළට දැමීම ට සුදානම් ව දිය කඩිත්ත ට පහත් වෙද්දී දුටුවේ තරමක් විශාල
මාළුවකු ද එම දිය කඩිත්තේ හිර වී සිටින බවයි.
කුඩා මාළුන්
බේරා ගත් පසු තරමක අනිත් මාළුවා අල්ලා ගැනීමට උත්සාහ කලත්, ඌ නම් සැබෑ අමාරුකාරයෙක්
විය. කෙසේ හෝ අමාරුවෙන් බෝතලයක ට දමා ජායාරුප කීපයක් ද ගත්තේ පසුව හොදින් හදින
ගැනීම පිණිසය. මෙම ජායාරූප නිරීක්ෂණය කළ මාළුන් පිළිබද පර්යේෂකයන් පැවසුයේ, ඒ රත් පැහැයට
හුරු ලුලෙකු ගේ පැටවකු බවයි. මාළුවා
අසුලින් ගලා ගිය ඇලට මුදා හැර, නිකමට මෙන් දැන් වතුර හොදට ම හිදී ගිය මඩ කඩිත්ත
දෙස නික්ම ට මෙන් දෑස් යොමද්දී දුටුවේ, තවත් මාලුවෙකු එහි දගලන බවයි. එම මාළුවා ගේ
දිගු රැවුල් ගස් මෙන් වූ සංවේදක තිබූ අතර ඒ අගුලුවකු (catfish) ලෙස පසුව අනුමානය
කෙරිණි.
තවත් සැගවුණු
මාළුන් සිටීදැයි බැලිමට මඩ කඩිත්ත වෙත ගිය මා, එහි වතුර සිදිගිය ස්ථානයක තිබූ
විශාල කොලයක් නිකමට මෙන් අයින් කරද්දී, එහි තවත් තරමක් විශාල මාළුවෙකු එතරම්
හැලහොල්මනක් නැතිව මඩ අස්සේ සිටින බවය. ආනිත් මාළුන්ට වඩා විශාල වූ එම මාළුවා
මඩකනයෙකු ලෙස අනුමානය කෙරිණි. තව දුරටත් සොයදිදී මඩ අතුලේට ම රිම්ගා ගත් මඩ කනයෙකු
හමුවිය.
මෙම මාළුන්
නිදහස් කිරීමට ප්‍රථම විනිවිද පෙනෙන බෝතලයක දමා කුඩා දියණියටත් නිවසේ අනිකුත්
සාමාජිකයන් ටත් පෙන්වුයේ අපේ ගෙවත්ත ට ම ආ අමුත්තන් ගේ ජෛව විවිධත්වය පෙන්වීමට ය.
තම ගෙවත්තට ම
ගංවතුර අවේ නම්, එහි ජෛව විවිදත්වය සෙවීමට තරම් ඉස්පාසුවක් ඔබට නොලැබෙන්නට පිලීවණ.
එහෙත් ඉඩක් ලදොත්, හැමවිටම අවධානයෙන් පසුවුවහොත්, වෙනදා ගෙවත්තේ දක්නට නොලැබෙන ජිවීන්
ද මෙලෙස දැකගැනීමට හැකි වනු ඇත.
ලුලා - Snake head
murrel - Channa striata – Loola
අඟුළුවා - Long
whiskered catfish – Anguluwa -
මඩකනයා - Spotted
snakehead - Mada Kanaya - Channa punctate
Puntius vittatus - Green stripe barb
ගෙවත්තට ම ආ මාළුන්
නිරීක්ෂණය කිරීම ට ලැබීම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්
නැවත ඇළ
මාර්ගය ට මුදා හැරීම









No comments:
Post a Comment